කුළුබඩු ඉතිහාසය 01 - සාදික්කා


 
සාදික්කා යනු ඝර්ම කලාපීය සදාහරිත ශාකයක් වන අතර සාදික්කා කුළුබඩුව වන්නේ එහි ඵලයේ අඩංගු බීජයයි. (එහි ඵලයෙන් කුළුබඩු දෙකක් උකහාගන්නා අතර බීජය සාදික්කා ලබාගැනීමටත් බීජය වටා ඇති රතු පැහැති කෙදි ගන්නා කොටස වසාවාසි ලබාගැනීමටත් භාවිතා වේ. සාදික්කා සහ වසාවාසි වල 7%-14% ත් අතර pinene ,camphene සහ dipentene යන ප්රධාන සංඝටකවලින් සැදුම් ලත් සගන්ධ තෙල් පවතී.
 
සාදික්කා ශාකය ඉන්දුනීසියාවේ Banda දූපත් වල ප්රභවය වී ඇති අතර පෘතුගීසි ජාතිකයින් විසින් (බටහිර ජාතියක් ලෙස) 1512 දී මෙය සොයාගෙන ඇත.සාදික්කා සදහා ඉංග්රීසිනාමය නාමය වන nutmeg යන්න ලතින් භාෂාවේ nus muscatus යන්නෙන් යන්නෙන් ප්රභවය වී ඇත.මෙය 1600දී පමණ මිලාධික වාණිජ කුළුබඩුවක් බවට පත්විය.
 
එසේම සාදික්කා සතු මිනිසාගේ මධ්ය ස්නායු පද්ධතියට බලපෑම් කිරීමේ හැකියාව පිළිබද 19 වන භාගයේ බටහිර වෛද්යවරුන් සොයාගත් අතර ශ්රී ලංකාවේ සාදික්කා වගාව ගැන සැලකුවහොත් 19 වන සියවස මුලදී බ්රිතාන්යයන් විසින් ශ්රී ලංකාවට සාදික්කා වගාව වාණිජ බෝගයක් වශයෙන් හදුන්වා දුන් අතර වර්තමානය වන විට හෙක්ටයාර 2788 ක් පුරා පැතිරුණු භූමියක ශ්රී ලංකාවේ සාදික්කා වගාව පැතිරී ඇති අතර 80%ක ක පමණ වගාව කුඩා සහ මධ්ය පරිමාණ ගොවීන්ගේ දායකත්වයෙන් ප්රධාන වශයෙන් මහනුවර දිස්ත්රික්කයේ පැතිරී ඇත.
Next Post Previous Post
No Comment
Add Comment
comment url