කුළුබඩු ඉතිහාසය 02 - ගම්මිරිස්

 

ගම්මිරිස් (විද්‍යාත්මක නාමය - Pipper nigrum) යනු ලොව පළමුවෙන්ම පෙරදිග සහ බටහිර රටවල් අතර වෙළදාමට භාවිතා වූ කුළුබඩුවලින්  එකක් වන අතර ගම්මිරිස් යනු වසර 3000 කටත්  පෙර පටන් පෙරදිග වෛද්‍ය ක්‍රමයන්හි  භාවිතා වූ සහ භාවිත වන ඔසුවක් ද වේ.

piperaceae කුලයට අයත් බහුවාර්ෂික වැලක් වන මෙය මීටර් 10ක් පමණ උසට උසක් උසක් දක්වා වර්ධනය වීමේ හැකියාවක් දරන අතර ඉන්දියාවේ මලබාර් වෙරළ තීරයෙන් සම්භවය වී ඇත. ගම්මිරිස් ගැන වාර්තා පුරාණ ග්‍රීක සහ රෝම ශිෂ්ටාචාරවල ලේඛනයන්ගේ සදහන් වන අතර පුළුල් ජනප්‍රියත්වයක් ලබන්නට පටන්ගත්තේ 15 වන සියවසේදී  පමණ වස්කෝ ද ගාමා ඉන්දියාවේ කල්කටාවට ගොඩබැසීමත් සමග වේ. මේ සමග වක්‍රාකාරව ඇති වූ සහ ඍජුව ඇතිවූ ප්‍රතිඵල ගණනාවක් ඇති අතර කුළුබඩු වෙළදාමට ඉන් ඇති වූ විශාලතම බලපෑම වුයේ පෘතුගාලය ගම්මිරිස් පමණක් නොව සමස්ත  කුළුබඩු වෙළදාමේම  ඒකාධිකාරයක් ඇති කරගැනීමයි. එමෙන්ම පෘතුගාලයේ  ලිස්බන්  වරාය යුරෝපයේ ධනවත්ම වරායක් බවට සියවස් දෙකක් පමණ කාලයක් පුරාවටම මේ නිසාවෙන් ජයකෙහෙලි නැංවීය.

නමුත් 1595 සිට 1650 දක්වා කාලය තුල ඕලන්ද ජාතිකයින් (ලන්දේසින්) ඉන්දුනීසියාවට සිදු කල ගවේෂණයන් ආදිය සමග  ගම්මිරිස් වෙළදාම මත පෘතුගීසි ඒකාධිකාරය බිද වැටෙන්නට පටන්ගත් අතර ගම්මිරිස් වගාව මැලේ අර්ධද්වීපය දක්වා පැතිරෙන තෙක්ම ලන්දේසීන් ගම්මිරිස් වෙළදාමේ ඒකාධිකාරය ඉසිලූහ.

ඉන්පසු හිරු නොබසින බ්‍රිතාන්‍ය අධිරාජ්‍යයේ බලය යටතේ ඉංග්‍රීසීන්ගේ පෙරදිග ඉන්දීය වෙළද සමාගම කුළුබඩු වෙළදාමේ ප්‍රබලයන් වූ අතර ලන්ඩනය කුළුබඩු වෙළදාමේ කේන්ද්‍රස්ථානය බවට පත්විය.මෙකලදී ඉහළ නිෂ්පාදනය නිසා ගම්මිරිස් යනු තවදුරටත් ඉහළ පොහොසතුන්ගේ පමණක් රස නහර පිනවූ කුළුබඩුවක් වෙනුවට සියළු ජනතාවට මිලට ගත හැකි තරම් මිල අඩු වූ කුළුබඩුවක් බවට පත්විය. වර්තමානය වන විට වියට්නාමය ලොව විශාලතම කුළුබඩු නිෂ්පාදකයා වන අතර
35%ක පමණ නිෂ්පාදනයකට ඔවුන් දායකත්වය සපයයි. ඉන්පසු ඉහළම නිෂ්පාදනය ලබාදෙන්නේ  ඉන්දුනීසියාව, ඉන්දියාව, බ්‍රසීලය සහ චීනයයි.

Next Post Previous Post
No Comment
Add Comment
comment url