ලක් පොළොවේ පෝෂණ නරනිඳු - මුරුංගා (Moringa Oleifera.)


 

 මුරුංගා කියන්නේ අපි හැමෝම  එදා ඉදන් දන්නා ශාකයක්.අපි වැඩිපුරම දන්නේ දිගටි මුරුංගා කරලුයි  ,අපි ඉස්සෝ, කකුළුවෝ වගේ උයද්දී පාවිච්චි කරන මුරුංගා කොළයි,අච්චාරු වගේ හදද්දී පාවිච්චි කරන පොඩි මුරුංගා පොත්තයි විතරක් වුණාට මුරුංගා වල ගුණ මෙහෙමයි කියලා කෙටියෙන් කියන්න නම් පුළුවන් කමක් කොහොමත්ම නෑ.ඉතින් අද අපි ලියන්න බලාපොරොත්තු වෙන්නේ මුරුංගා ගැනයි.


ඉතිහාසය

උතුරු ඉන්දියාව නිජබිම කරගත්තු මුරුංගා ශාකයේ විද්‍යාත්මක නාමය බවට පත්වෙන්නේ   Moringa Oleifera. ඉන්දියාව නිජබිම කරගත්ත වගේම  මුරුංගා ශාකය අපේ ශ්‍රී ලංකාව වගේ සමකාසන්න ආසියානු රටවල් වල,දකුණු සහ නැගෙනහිර අප්‍රිකානු රටවල්,ලතින් ඇමෙරිකානු රටවල් සහ පැසිෆික් දූපත් ආශ්‍රිතවත් සොයාගත හැකියි .


මුරුංගා ගැන ඉතිහාසගත වාර්තාවක් හමුවීම ක්‍රිස්තු පූර්ව 2000 දක්වා දිව යනවා වගේම මෞර්ය අධිරාජ්‍ය සමයේ ශක්තිය ලබා දීමට සහ ආතතිය අඩු කිරීමට මුරුංගා වලට හැකි යයි විශ්වාස කල නිසා මුරුංගා සාරය මෞර්ය සෙබළුන්ට ලබා දුන් බවටත් වාර්තා වේ.

මුරුංගා ශාකය වේගවත් වර්ධනයක් සහිත,නියගවලට හොදින් ඔරොත්තු දෙන ශාකයක්.ඒ වගේම රනිල කුලයේ නිසා නයිට්‍රජන් තිරකිරීමේ හැකියාව සහිත බැවින් පසු සාරවත් කිරීම වගේම පාංශු ඛාදනය වලක්වන්න සහ සුලං බාධක බෝගයක් ලෙසත් භාවිත කල හැකියි..





පෝෂණීය  ගුණය

මුරුංගා වල පෝෂණීය ගුණය ගැන කතා කරද්දී මුරුංගා ගහේ පස්පංගුවම (මුල,කද,කොළ ,මල්,ඇට) පෝෂණීය සහ ඖශධීය වටිනාකමෙන් යුක්තයි.

මුරුංගා කොළ බීටා කැරොටින් වලින් ඉතාම ඉහලයි.(මේ බීටා කැරොටින් විටමින් A  වල හොද මුලාශ්‍රයක්), ඒ වගේම විටමින් B , විටමින් C , ෆොලේට්, කැල්සියම්, පොටෑසියම්, යකඩ, මැග්නීසියම්, පොස්පරස්,සින්ක් වලින් අතිශය පොහොසත්. ඒ වගේම සමහර ලිපිවල සදහන් වන විදිහට දොඩම් වලට වඩා 07 ගුණයක් විටමින් C ,කෙසෙල් වලට වඩා 15 ගුණයක් පොටෑසියම් වලින් මුරුංගා සමන්විතයි.


ඖශධීය ගුණය

ඉහල යකඩ පෝෂක අන්තර්ගතය නිසා මුරුංගා රක්ත හීනතාවයට ගුණදායකයි, ඒ වගේම ඉයුජිනොල්,නියසිමයිසින් ආදී පිළිකා වළකන  රසායනික ( Anti-cancer compounds) වලින් සමන්විතයි.ඒ වගේම ප්‍රතිශක්ති වර්ධන හැකියාව, ඒ වගේම ඉහල තන්තු ප්‍රතිශතයක් අඩංගු නිසා ආහාර දිරවීම පහසු කරයි.


එක්සත් ජාතීන්ගේ ආහාර සහ කෘෂිකර්ම සංවිධානය (FAO)  මුරුංගා ගර්භණි මව්වරු ,කිරිදෙන මව්වරු සහ කුඩා දරුවන්ට ඉහලින්ම නිර්දේශ කරති. (highly recommended).


මුරුංගා පවුඩර්

ලෝකයේ මේ වෙනකොට මුරුංගා බොහොම ජනප්‍රිය වෙමින් පවතින අතර සමහරු මේ මුරුංගා කියන්නේ සුපිරි ආහාරයක් ලෙසත් හදුන්වති. මුරුංගා භාවිතයට මුරුංගා පවුඩර් බොහොම ජනප්‍රිය ක්‍රමයක් බවට පත්වෙමින් ඇති අතර  මුරුංගා පවුඩර් නිෂ්පාදනය කරන්නේ ඉතාමත් සැළකිල්ලෙන් වේලන ලද මුරුංගා කොළ පිටි වගේ තත්වයට කිරීම මගිනුයි.

මේ මුරුංගා පවුඩර් භාවිතා කරන්න පුළුවන් ක්‍රම කිහිපයක් අපි ඔබට ලියන්නම්.

01.  උයන ව්‍යංජන වලට එකතුකිරීම මගින් 


02. තේ හැදි 01ක් (ග්‍රෑම් 06ක් පමණ) උණු වතුරට එකතු කර තේ වැනි  උණුසුම් පානයක් ලෙස

03. smoothie වගේ හදද්දී තේ හැදි එකක් (ග්‍රෑම් 06ක් පමණ) එකතු කර


04. ඒ වගේම කෑම ජාති උඩින් sprinkle  කර


05. සුප් උඩින් sprinkle කර



Bee Natural Organic Moringa Powder (බී නැචුරල් කාබනික මුරුංගා පවුඩර්)

Bee Natural අපේ කාබනික මුරුංගා පවුඩර් නිෂ්පාදනය සදහා අපි අමුද්‍රව්‍ය විදිහට භාවිතා කරන්නේ මොණරාගල කාබනික ගොවීන්ගේ සංගමයේ අපේම ගොවි මහතුන් අපේම පොළොවේ කාබනිකව වවන මුරුංගා වගාවන්ගේ මුරුංගා කොළයි.




අපේ ප්‍රමිතිය

Bee  Natural සන්නාමය යටතේ එන අපේ  නිෂ්පාදන ඔබ වෙත පැමිණෙන්නේ ජාත්‍යන්තර කාබනික ආහාර සහතික ගණනාවක්  සහිතවයි.අපි USDA Organic (ඇමෙරිකානු එක්සත් ජනපද කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ කාබනික නිෂ්පාදන පිළිබද ප්‍රමිති සහතිකය), EU Organic (යුරෝපා සංගමයේ කාබනික නිෂ්පාදන පිළිබද ප්‍රමිති සහතිකය), Fairtrade (සාධාරණ වෙළදාමක් තුලින් ගොවීන්ගේ ජිවන තත්වය නගා සිටුවීමේ ජාත්‍යන්තර ව්‍යාපාරයේ සහතිකය ) යනාදී විවිධ සහතික ලැබීම අපේ ප්‍රමිතිය ඔබට සහතික කරාවි.

ඉතින් මුරුංගා ගැන කියවපු අද දවසේ ඔබේ ආදරණියන්ගේ යහපත වෙනුවෙන් අපේ නිෂ්පාදනය අරගෙනම බලන්න. දිවයින පුරා පිහිටි ප්‍රමුඛ පෙලේ සුපිරි වෙළදසැල් වගේම අපේ facebook  පිටුව හරහා සහ instagram පිටුව හරහා අපිට පණිවිඩයක් යොමු කිරීමෙන් සහ Daraz  ඔස්සේ අපේ නිෂ්පාදන මිලට ගත හැකියි.

වැඩිදුර කියවන්න...

https://www.fao.org/traditional-crops/moringa/en/
https://www.medicalnewstoday.com/articles/319916#what-is-in-moringa
https://www.webmd.com/vitamins-and-supplements/health-benefits-moringa
https://www.mdpi.com/2223-7747/10/2/318
https://www.koreascience.or.kr/article/JAKO201435648479194.page
https://www.hindawi.com/journals/ijfs/2021/6627265/ 

https://www.fic.nih.gov/News/GlobalHealthMatters/january-february-2020/Pages/carrie-waterman-studies-moringa-plants-medicinal-nutritional-benefits.aspx  

https://www.sciencedirect.com/science/article/pii/S2213453016300362 

https://www.researchgate.net/publication/267932962_Health_Benefits_of_Moringa_oleifera 

https://www.universityofcalifornia.edu/news/moringa-next-superfood 


අපේ නිෂ්පාදන ගැන වැඩිදුර දැනගන්න සහ මිලට ගන්න පිවිසෙන්න.

Facebook: https://www.facebook.com/BeeNaturalLanka

Instagram: https://www.instagram.com/__bee_natural__/

Linkedin  : https://www.linkedin.com/company/beenaturalorganicsl/

Daraz     :  https://www.daraz.lk/shop/bee-natural/

 

#beenaturalsl #beenaturalorganics #organicfoods #beenaturalorganicmoringapowder #organic #moringa #murunga #murungaa  #සිංහල ලිපි






Next Post Previous Post
No Comment
Add Comment
comment url