USDA Organic සහ EU Organic ගැන දැනගනිමු.

 


කාබනික කෘෂිකර්මය සහ කාබනික නිෂ්පාදන යනු මේ වනවිට ලෝකයම කතා කෙරෙන්නා වූ මාතෘකාවකි. 100% ක්ම ශ්‍රී ලාංකික සන්නාමයක් (brand) වන අප ලොව ප්‍රමුඛතම කාබනික නිෂ්පාදන සහතික වන USDA Organic  සහ EU Organic සමගින් සත්‍ය වශයෙන්ම කාබනික ප්‍රමිතිය සහතික කර ඇති අතර අද මෙම ලිපියෙන් එම සහතික සහ එම සහතික ලබාගැනීම සදහා සපුරාලිය යුතු ප්‍රමිතිය පිළිබද කෙටියෙන් ඔබ වෙත ගෙන ඒමට අප කටයුතු කරන්නෙමු.

 

USDA Organic

USDA Organic  සහතිකය අර්ථ දක්වන පරිදි කාබනික කෘෂිකර්මය යනු ගොවිපල සම්පත් චක්‍රීකරණය සදහා දායක වන ඒ තුලින් පාරිසරික සමතුලිතතාවය සහ ජෛව විවිධත්වය ආරක්ෂා වීම අරමුණු කරගත් චර්යාත්මක, ජීව විද්‍යාත්මක සහ යාන්ත්‍රික ක්‍රම ගණනාවක සාමුහික එකතුවකි.මෙයට පසේ සහ ජලයේ ගුණාත්මය පවත්වාගැනීම සහ වර්ධනය කිරීම, ස්වභාවික පරිසරයන් සංරක්ෂණය (තෙත්බිම්,වනාන්තර  සහ වනජීවීන්) ආදී අරමුණු රාශියක්ද ඇතුලත්ය.

USDA Organic සහතිකය ලබාගැනීමට නම් සපුරාගත යුතු සුදුසුකම් රාශියකි. ප්‍රධාන වශයෙන්ම වගා භූමිය ගත්කල එම වගාවන් වගා කරනු ලබන භුමිය වසර තුනකට පෙරවත් රසායනික භාවිතය අතහැර දමන ලද භූමියක් විය යුතුය. එසේම රසායනික භාවිතය අත්‍යවශ්‍යම මොහොතක් නම් වෙනත් විකල්පයක් නැතිම නම් එම භාවිත කරන රසායනිකයට පෙරදී සම්පුර්ණ අවසරය ලබාගෙන තිබිය යුතුය.

එසේම නිමි කෘෂිකාර්මික නිෂ්පාදන නම් කෘෂිකාර්මික නොවන පෙක්ටීන් (ජෑම් සදහා),බේකින් සෝඩා (බේකරි නිෂ්පාදන) සදහා සහ යෝගට්  සදහා එන්සයිම වැනි  ඉතා සුළු රසායනික ද්‍රව්‍ය ලැයිස්තුවකට ඉඩ දී ඇත. වෙනත් කිසිදු රසායනිකයකට ඉඩ නැත.

"USDA certified organic foods are grown and processed according to federal guidelines addressing, among many factors, soil quality, animal raising practices, pest and weed control, and use of additives. Organic producers rely on natural substances and physical, mechanical, or biologically based farming methods to the fullest extent possible." 

 

Read more...

https://www.usda.gov/media/blog/2012/03/22/organic-101-what-usda-organic-label-means 

 

EU Organic 

Eu Organic යනු යුරෝපා සංගමයේ කාබනික කෘෂි හා ආහාර  නිෂ්පාදන පිළිබද සහතිකයයි.යුරෝපා කලාපීය රටවල් වල කාබනික කෘෂි හා ආහාර  නිෂ්පාදන වල ප්‍රමිතිය සහ එම රටවලට යුරෝපා නොවන රටවල්වලින් අපනයනය වන කෘෂි හා ආහාර  නිෂ්පාදන වල කාබනික තත්වය පිළිබද මෙමගින් තහවුරු කරයි. 



යුරෝපා සංගමයේ කාබනික කෘෂිකර්මය පිළිබද නීති 

යුරෝපා සංගමයේ නීතිවලට අනුව කාබනිකව නිෂ්පාදනය වනවා යනු පහත නීති පරිදි නිෂ්පාදනය වනවා යන්නයි. ඒ අනුව

01. ජාන විකරණය කරන ලද ජීවීන්, සහ ප්‍රභේද  (GMO) භාවිත කිරීම තහනම්ය.
02. අයනීකරණ විකිරණ භාවිතා කිරීම තහනම්ය.
03. කෘත්‍රිම (රසායනික) පොහොර, කෘත්‍රිම කෘමිනාශක සහ වල්නාශක භාවිතා කිරීම තහනම්ය.( අස්වැන්න අතිශය අනතුරට පත්වී වෙනත් ක්‍රමයක් නොමතිම නම් යුරෝපා සංගමය අනුමත කරන ලද රසායනිකයන් අනුමත ප්‍රමාණවලින් අනුමත ක්‍රමවේද යටතේ  භාවිතා කල හැක.)
04. සත්ව පාලනයේදී නම් හෝමෝන භාවිතය තහනම්ය.
05. ප්‍රතිජීවක ( antibiotics) භාවිතා කිරීම සත්ව සෞඛ්‍ය රැකගැනීම සදහා අනුමත ප්‍රමාණවලින් පමණක් භාවිතා කල යුතුය.

යුරෝපා සංගමයේ කාබනික කෘෂිකර්ම නීති රෙගුලාසි කෘෂිකාර්මික නිෂ්පාදන පමණක් නොව ජලජීවී වගාව සහ යීස්ට් වලටද අදාළ වේ. එමෙන්ම කෘෂිකර්මය ගැන ගත්කල භාවිත කරන බීජ සහ රෝපණ ද්‍රව්‍ය වල සිට අවසන් අස්වැන්න දක්වා දැඩි රෙගුලාසි ක්‍රියාත්මක වේ. 

 

Read more ...

https://agriculture.ec.europa.eu/index_en 

 

Bee Natural Organic නිෂ්පාදන මෙම ජාත්‍යන්තර සහතික සමග අපනයන ප්‍රමිතියෙන් ඔබ වෙත පැමිණේ 

Bee Natural Organic නිෂ්පාදන අපේම රටේ මොණරාගල කාබනික ගොවීන්ගෙන් ලබාගන්නා අතර නිෂ්පාදන ක්‍රියාවලිය,ඇසුරුම්කරණය ආදී සියලුම ක්‍රියාවලීන් ජාත්‍යන්තර ප්‍රමිතියෙන් සහ මෙම USDA Organic  සහ EU Organic යන කාබනික ප්‍රමිතීන්ට අනුකුලව සිදු කෙරේ. සෑම වසරකම මෙම සහතිකයන් ට අදාළ කාබනික ප්‍රමිතිය පවතීද යන්න පිළිබද විගණනයන් බලයලත් ජාත්‍යන්තර ආයතන විසින් අප ආයතනයේ නිෂ්පාදන පිළිබද  සිදු කෙරෙන අතර අප විසින් සෑමවිටම එම ප්‍රමිතීන් සුරැකිමින් ඔබට හොදම නිෂ්පාදනයක් ලබාදීමට බැදී සිටින්නෙමු. 

 


 

Next Post Previous Post
No Comment
Add Comment
comment url