මුරුංගා තේ කෝප්පයක රස බලමු

 

 

 

 

 

 

 හැදින්වීම

මුරුංගා ශාකය (විද්‍යාත්මක නාමය - Moringa oleifera) කියන්නේ ගහේ මුල්,කොළ,මල්,පොතු,කරල් කියන පස් පංගුවම භාවිතයට ගන්න පුලුවන් ශාකයක්. ශ්‍රී ලාංකික ඉවුම් පිහුම් කලාව ඇතුලේ මුරුංගා වලට තියෙන්නේ වෙනස්ම තැනක්.විශේෂයෙන්ම ඉස්සෝ සහ කකුළුවෝ උයද්දී සැර අඩුවෙන්න කියන පාරම්පරික මතය එක්ක මුරුංගා කොළ දානවා වගේම සිංහල අච්චාරුව හදද්දී මුරුංගා පොත්තක් කියන්නේ නැතුවම බැරි දෙයක්. අපේ රටේ තවමත් මීට එහාට භාවිතයක් ලොකුවට නැති වුණත් මුරුංගා කියන්නේ දැන් ලෝකය පුරාම වේගයෙන් ජනප්‍රිය වෙමින් පවතින සුපිරි ආහාර ගණයට වැටෙන ආහාරයක්. (මුරුංගා ගුණ ගැන තවත් ඉදිරියට කියවන්න .පිවිසෙන්න මේ link එකෙන්.) 

මුරුංගා තේ වලින් ලැබෙන ප්‍රතිලාභ මෙහෙමයි  

මුරුංගා තේ සදහා භාවිතා වෙන්නේ මුරුංගා කොළයි. මුරුංගා කොළ පවුඩර් ලෙස සකසා ගැනීම මෙහිදී වඩාත්ම සාර්ථක ක්‍රමය වන අතර මුරුංගා කොළ බීටා කැරොටින් (බීටා කැරොටින් විටමින් A  වලින් පොහොසත් මුලාශ්‍රයකි),විටමින් B, විටමින් C, ෆොලේට්, කැල්සියම්, පොටෑසියම්, යකඩ, මැග්නීසියම්, පොස්පරස් සහ සින්ක් ආදී පෝෂක රැසකින් සමන්විතයි. ඉහල යකඩ අන්තර්ගතය නිසා නීරක්තිය ටද සුදුසු විය හැක. එමෙන්ම එයුජිනොල් වැනි පිළිකානාශක ගුණ, කොලෙස්ටරෝල් මට්ටම් පහත හෙලීම සහ අක්මාවටද ගුණදායක වීම වැනි ගුණාංග රාශියක්ද දැක්විය හැක.

අවශ්‍ය ද්‍රව්‍ය

  1. Bee Natural Organic මුරුංගා පවුඩර්
  2. නටන ජලය
  3. තේ කෝප්පයක්
  4. අවශ්‍ය නම් පැණි රස ගන්වනයක් ( උදා: මී පැණි, කිතුල් පැණි වැනි)

 

හදන ක්‍රමය මෙහෙමයි


බොහොම ලේසියෙන්ම විනාඩි 05 කින් පමණ මේ තේ කෝප්පයක් හදාගන්න පුළුවන් වගේම මේ ක්‍රමය හරිම ලේසියි. මුලින්ම මුරුංගා පවුඩර් තේ හැන්දකට නොවැඩි ප්‍රමාණයක් අරගෙන තේ කෝප්පයට දමාගන්න.ඉන් පසු නටන ජලය එකතු කර විනාඩි 03ක් - 05ක් අතර කාලයක් තබන්න. ඉන් පසු සිසිල් වූ පසු පැණි රස ගන්වනයක් අවශ්‍ය නම් එකතු කරන්න.

මුරුංගා තේ ග්‍රීන් ටී වල රසයට සමානයි. නමුත් ග්‍රීන් ටී වලට වඩා තිත්ත රසයෙන් අඩුයි. 


Bee Natural Organic මුරුංගා කොළ පවුඩර්


Bee Natural Organic මුරුංගා කොළ පවුඩර් අපේම ශ්‍රි ලංකාවේ මොණරාගල කාබනික ගොවීන්ගේ සංගමයේ ගොවීන්ගේ කාබනික මුරුංගා වගාවන්ගෙන් ලබාගන්නා මුරුංගා කොළවලින් ඉහලම ප්‍රමිතියෙන් නිෂ්පාදනය වේ.

 

 

Read more : 

https://www.ncbi.nlm.nih.gov/books/NBK92775/ 

https://gingerpeople.com/ginger-history-and-health/ 

https://www.srilankabusiness.com/blog/health-benefits-of-moringa-tea--562.html

 

Visit us...

Facebook: https://www.facebook.com/BeeNaturalLanka

Instagram: https://www.instagram.com/__bee_natural__/

Linkedin: https://www.linkedin.com/company/beenaturalorganicsl/

Daraz:  https://www.daraz.lk/shop/bee-natural/

 

 

 

Next Post Previous Post
No Comment
Add Comment
comment url