ශ්‍රී ලාංකික කුරුදු (Ceylon Cinnamon) ගැන සුවඳ කතාවක්

 

ශ්‍රී ලාංකික කුරුදු (Ceylon Cinnamon) ගැන සුවඳ කතාවක්



 

ශ්‍රී ලාංකික කුරුදු (Ceylon Cinnamon) එහෙමත් නැතිනම් true cinnamon එනම් සත්‍ය කුරුඳු කියන්නේ විවිධාකාරයේ විශේෂ ගුණාංගයන් නිසා ලොව පුරා බොහොම ප්‍රසිද්ධ කුළුබඩුවක් .එහි විශේෂිත රසය, ළාවට වගේ දැනෙන පැණි රස වගේම ආවේණික සුගන්ධය වැනි ගුණාංග සුපවේදීන්, විද්‍යාඥයන් වගේම සාමාන්‍ය ජනතාව මේ කුළුබඩුවට ආකර්ෂණය වෙන්න හේතුවක් වී තිබෙනවා. මේ සදහන් කරපු දේවල් සමහරවිට මේ කියවන ඔබ අහල තිබුනත් අපි අද ඊට වඩා ගැඹුරින් මේ ගැන මේ ලිපියෙන් කතා කරන්න බලපොරෝත්තු වෙනවා කියලා මුලින්ම කියන්න ඕනා.

 

විද්‍යාත්මක තොරතුරු සහ කුරුදු වර්ගීකරණය (කුළුබඩුවක් ලෙස )

 

අපේ ශ්‍රී ලංකික කුරුදු වල විද්‍යාත්මක නාමය වෙන්නේ Cinnamomum zeylanicum ඒ වගේම කියන්න ඕනේ ලෝකයේ තවත් බහුල කුරුදු ආදේශකයක් තියෙනවා කැසියා  කියන නමෙන්, මෙන්න මේ කැසියා වල විද්‍යාත්මක නම වෙන්නේ Cinnamomum Cassia. මේ කැසියා වලට වඩා අපේ කුරුදු උසස් වෙන්නේ ඇයි කියලා අපි දැන් බලමු. මේ ගැන ප්‍රධාන වශයෙන්ම හේතු දෙකයි.

 

01. අඩු කුමරීන් සංයුතිය: කුමරින් (coumarin) කියන්නේ අධික මාත්රාවලින් අපේ සිරුරට අහිතකර විය හැකි සංගටකයක්.  හැබැයි අපේ ශ්‍රී ලාංකික කුරුදු වල මෙම කුමරින් ප්‍රමාණය කැසියා වලට වඩා 250 ගුණයක් පමණ අඩුයි.ඒ කියන්නේ විද්‍යාත්මක පිළිගනිම වෙන ශරීරයට ලබාගත හැකි සීමාවට (0.4mg/kg body weight per day) වඩා බෙහෙවින්ම අඩුයි.ඒ නිසා බය නැතුව අපේ කුරුදු භාවිතා කරන්න පුළුවන්.

 

02. සගන්ධ තෙල් සංයුතිය : සගන්ධ තෙල් කියන්නේ කුළුබඩුවල සුවද සදහා බලපාන ප්‍රධානම සාධකයයි.මෙතැනදී අපේ කුරුදු වල මේ සංයුතියට වැඩියෙන්ම දායක වෙන්නේ සිනමල්ඩිහයිඩ් කියන රසායනිකයයි. මේ රසායනිකයම අපේ කුරුදු වල උණුසුම් සහ ලා පැණි රසයටත් හේතුවෙනවා. ඒ  වගේම එයුජිනෝල්, බීටා කර්යෝෆයලින් ( β-caryophyllene ) ආවේණික සුවදට සහ සෞඛ්‍ය ප්‍රතිලාභ වලට හේතු වෙනවා.

 

කුරුදු නෙලීම සහ තැලීම

 
තෝරාගත් අතු පමණයි : සාම්ප්‍රදයිකව මේරූ සෙන්ටිමීටර් 3-5 අතර අතු නෙලාගන්නා අතර මෙය අතුවල මේරීම සහ කුමරින් ප්‍රතිශතය පිළිබද විද්‍යාත්මකව ද තහවුරු කරගන්නා ලද කරුණක්,

 

කුරුදු තැලීම: මෙය ඉතා විශේෂ සම්ප්‍රදායික ක්‍රියාවලියක් වගේම  කුරුදු තලන්නන් ලෙස නම් දරන සාම්ප්‍රදායික විශිෂ්ටයන් විසින් කරන අතර මොවුන්ට මේ සදහාම නිමවන ලද විශේෂිත පිහි වර්ග සහ අනෙකුත් ආවුද ඇත. මෙය අපේ කුරුදුවල රසයට සහ සුවදටද විශේෂයෙන් බලපාන කරුණක් බවට විශ්වාස කරන අතර කුරුදු තලන්නන්ගේ වේතනය එනම් වැටුප සමහර අවස්ථාවල ඔවුන් තලන ලද කුරුදු ප්‍රමාණය සමග ගලපා කුරුදු  වලින්ම ගෙවන බවකුත්  මෙය ලියන මම  අසා ඇති දෙයක්.

 

සෙවණේ වේලයි : වඩාත් හොද පදම්වීමක් තුලින් සුවද සහ රසය ආරක්ෂා වීම වෙනුවෙන් අඩු සුර්ය රශ්මියක් නැතිනම් සෙවණේ වේලීම කරන අතර මෙයද විද්‍යාත්මකව තහවුරු කරගත් කාරණාවක් .

 

ශ්‍රේණිගත කිරීම : වේලීමෙන් පසුව මේ කුරුදුවල පොතු විෂ්කම්භය, පාට සහ අනෙකුත් සාධක මත ඉහත සදහන් කල ලෙසට ශ්‍රේණිගත කිරීම සිදු කරනවා.

 

වර්ගීකරණය

 

ප්‍රධානවම පොතුවල විෂ්කම්භය මත මෙම ක්‍රියාවලිය සිදුවෙන අතර පහත පරිදි  කෙටියෙන් කියන්නට පුළුවන්.

 

ඇල්බා (A  ශ්‍රේණිය) : තුනීම කුරුදු පොතු වන අතර විෂ්කම්භය මිලිමීටර 06ක් පමණ වේ, වඩාත්ම පැණි රස ප්‍රණිතම ශ්‍රේණිය වන අතර අතුරුපස සහ බේකරි නිෂ්පාදන සදහා කදිමයි.එනමුත් මිල අධිකයි

 

කොන්ටිනෙන්ටල් (C ශ්‍රේණිය): ඇල්බා වලට වඩා ඝනකම් වන අතර (මිලිමීටර 07ත් 09ත් අතර) මිල සහ රස අතර හොදම සම්බන්ධතාවක් ඇති ශ්‍රේණිය කියලත් සමහර තැන්වල කියවෙනවා. පැණි රස ආහාර සහ සැර ආහාර කියාන් ජාති දෙකටම ගැලපෙනවා.

 

මෙක්සිකන් ශ්‍රේණිය (M ශ්‍රේණිය): තවත් ඝනකම් වන අතර මිලිමීටර 09ත් 11ත් අතර විශ්කම්භයක් සහිතයි.සැර කෑමවලට වඩාත් ගැලපෙන අතර මෙක්සිකන් කියන්නට එයත් හේතුවක්.

 

හැම්බර්ග් (H ශ්‍රේණිය): ඝනකම් ම (විෂ්කම්භය වැඩිම)  ශ්‍රේණිය වන අතර මිලිමීටර 11ට වැඩි විශ්කම්භයක් සහිතයි. මේ ශ්‍රේණිය සැර රසය සහ ලාබදායිකමට ප්‍රසිද්ධයි.

 

කුළුබඩුවකට එහා ගිය ඔසුවක්

 

අපේ රසනහර වලින් එහාටත් කුරුදු කියන්නේ වටිනා දෙයක්. ඒ ගැන සරලව මෙහෙම කරුණු දෙකකින් සදහන් කරන්නේ නුදුරු අනාගතයේදී මේ ගුණාංග ගැන වැඩිපුර ලිවීමේ අරමුණෙන්.

 

01. කුරුදු කියන්නේ විශිෂ්ට ප්‍රතිඔක්සිකාරකයක්: මේ ගුණාංග නිසා රුධිරගත සීනි මට්ටම පාලනය කිරීම, කොලෙස්ටෙරෝල් මට්ටම් හිතකර මට්ටම් වල පවත්වාගැනීම වගේ සෞඛ්‍ය ප්‍රතිලාභ ගණනාවක් කුරුදු වලින් ලැබෙනවා.

 

02. ස්නායු සෞඛ්‍යයට හිතකරයි: මෑත කාලින සමහර පර්යේෂණ පෙන්වා දෙන විදිහට කුරුදුවලට අපේ ස්නායු පද්ධතියේ ප්‍රශස්ත ක්‍රියාවලිය පවත්වාගැනීමට විශාල වර්ධනයට විශේෂ දායකත්වයක් දෙන්න පුළුවන්.

 

 

හොදම කුරුදු අපෙන්ම ගන්න ...

 

මෙතුවක් වෙලා කුරුදු ගැන කියවනකොට අනිවාර්යෙන්ම ඔබට හිතෙන්න ඇති "අපි කොහෙන්ද හොද කුරුදු ගන්නේ ?" කියන ප්‍රශ්නය

 

මේකට හොදම උත්තරයක් නෑ උත්තර දෙකක්ම අපි ලග ඒ කියන්නේ Bee Natural Organic සන්නාමය සතුව තියෙනවා. ඒ තමයි අපේ USDA Organic සහ EU Organic  ඒ කියන්නේ ලොව ප්‍රමුඛතම යුරෝපීය සහ ඇමරිකානු  කාබනික ආහාර ප්‍රමිති සහතික ලද කුරුදු පවුඩර් සහ කුරුදු පොතු නිෂ්පාදන.

මේ නිෂ්පාදන දෙකම පහත පරිදි Daraz හරහා එහෙමත් නැතිනම් මේ අංකයට දුරකථන ඇමතුමක් දීල කෙලින්ම උනත් ගෙන්වාගන්න පුළුවන්.

කාබනික කුරුදු පොතුhttps://www.daraz.lk/products/-i140385933.html?

කාබනික කුරුදු පවුඩර්-     https://www.daraz.lk/products/-i140383334.html?  

 දුරකථන අංකය : 077 8460707

Read more about history of Ceylon cinnamon in here.

Bee Natural: Be healthy

 

 

ඉතින් සුවෙන් සිටින්නට හොදම දේ ගන්නට ආරාධනා කරන අතරේ යලිත් දවසක නැවත හමුවෙමු.

 

Bee Natural - Be healthy

 

#beenaturalorganic

#ceyloncinnamon

#truecinnamon

 

 

 

 

 

 

Previous Post
No Comment
Add Comment
comment url