පොල් කිරි සහ පොල් කිරම අතර වෙනස මෙහෙමයි

 

 


පොල් කිරි සහ පොල් කිරම, මොකක්ද වෙනස ?

 

පොල් කිරි සහ පොල් කිරම යන දෙකම නිෂ්පාදනය වන්නේ පොල් Cocus nucifera (L.) ගෙඩියේ නැවුම් පොල් මදයෙනි.   බහුතර ආසියානු රටවල සාම්ප්‍රදායික එදිනෙදා ආහාර ගණනාවක් සදහා  ප්‍රධාන අමුද්‍රව්‍යයක් ලෙස පොල් කිරි අනාදිමත් කාලයක සිට භාවිත වන අතර පොල් කිරම යනු පොල් කිරි වලම ස්වභාවික පොල් මේද ප්‍රතිශතය අධික, විශේෂණය කළ නිෂ්පාදනයකි.


සාම්ප්‍රදායිකව පොල් කිරි නිස්සාරණය කිරීම සදහා පොල් ලෙලි ගැසීම (ඵලාවරණය ඉවත් කිරීම), පොල් ගෙඩිය බිදීම, හිරමණයක් භාවිත කර බිදගත් පොල් ගෙඩිය කුඩා කොටස් වලට පත් කිරීම හෙවත් ගෑම සහ අතින් එම පොල් කොටස් ක්‍රමානුකුලව තෙරපීම හරහා පොල් කිරි වෙන් කිරීම යන පියවර අනුගමනය කළ යුතු වන අතර මෙය සාපේක්ෂව කාලය සහ ශ්‍රමය තරමක් අධිකව වැය කළ යුතු ක්‍රියාවලියක් වේ. එනමුත් වර්තමාන කාර්යබහුල ජීවන රටාව තුල එතරම් කාලයක් වෙන් කිරීම අපහසු කරුණකි.

අද අප ලිවීමට බලාපොරොත්තු වන්නේ අපගේ ආදරණිය පාරිභෝගිකයන්ටද ගැටළු සහගත විය හැකි කරුණක් වන පොල් කිරි සහ පොල් කිරම වල වෙනස පිළිබදවය.

 

 

 

වෙනස 

පොල් කිරි සහ පොල් කිරම අතර එකම වෙනස වන්නේ මේද ප්‍රතිශතය පමණකි. (කාබනික පොල් කිරම නිෂ්පාදන වල බඩ ඉරිගු පිෂ්ටය හෙවත් corn starch වැනි ඝනත්වය ඉහළ නැංවීමට භාවිත කරන thickening agents භාවිත කල නොහැක.)

 

CODEX ජාත්‍යන්තර සහතිකයේ ප්‍රමිතීන්ට අනුව පොල් කිරි නිෂ්පාදනවල තිබිය යුතු මේද ප්‍රතිශතයන් පහත පරිදි වේ (CODEX STAN 240-2003), 

 

  1. පොල් කිරි වල 10%ක අවම මේද ප්‍රතිශතයක් සහ පොල් කිරම වල 20%ක අවම මේද ප්‍රතිශතයක් පැවතිය යුතුය..      
  1. එමෙන්ම තනුක පොල් කිරි වල අවම 5%ක මේද ප්‍රතිශතයක් සහ උකු කළ පොල් කිරිවල  මේද ප්‍රතිශතය අවම වශයෙන්  29%ක් විය යුතුය..
 

Bee Natural Organic පොල් කිරි සහ පොල් කිරම වල උකු බව වැඩි කිරීම සදහා කිසිදු රසායනික ද්‍රව්‍යයක් හෝ කිසිවක් එක් කිරීම සිදු නොකරයි  !!!

 

Bee Natural Organic (බී නැචුරල් ඕගනික්) යනු  Ceylbee International Pvt. Ltd  (සීල්බි ඉන්ටනැෂනල් පුද්. සමාගමේ)  ප්‍රධානතම කාබනික ආහාර සන්නාමය වන අතර අපගේ නිෂ්පාදන  USDA Organic සහ EU Organic ආදී ජාත්‍යන්තර කාබනික සහතික ලත් නිෂ්පාදන වේ.

අපගේ පොල් කිරි සහ පොල් කිරම නිෂ්පාදන ගත් කල සැබෑ මුල් නිෂ්පාදනයන්ට කිසිවක්ම එකතු නොකොට නිෂ්පාදනය වේ. උකු බව ආදිය වැඩි වීමට සාමාන්‍ය පොල් කිරි  නිෂ්පාදන වලට බඩ ඉරිගු පිෂ්ටය ( corn starch ) සාමාන්‍යයෙන් එකතු කිරීම සිදු කල ද  කාබනික නිෂ්පාදනයක් බැවින් අපගේ නිෂ්පාදනවලට එසේ කිසිදු පිටස්තර යමක් එකතු කිරීම සිදු නොවේ.

 

(දියර වර්ග වල උකු බව වැඩි කිරීම සදහා සාමාන්‍ය නිෂ්පාදන සදහා  බඩ ඉරිගු පිෂ්ටය (corn starch) එකතු කිරීම සාමාන්‍යයෙන්  සිදු වේ.)එසේම කල්තබාගැනීමේ ද්‍රව්‍ය ආදී කිසිදු ආකලන ද්‍රව්‍යයක් එකතු කිරීමක්ද සිදු නොවේ.


Bee Natural Organic coconut cream සහ Bee Natural Organic coconut milk යනු හොදින් ජීවානුහරණය කර පහසුවෙන් භාවිත කල හැකි වන පරිදි  සහ පහසුවෙන් විවෘත කල හැකි පරිදි අසුරා ඉහළම ගුණාත්මයෙන් යුතුව පැමිණෙන අතර කාර්යබහුල පාරිභෝගික ඔබ සදහා විශිෂ්ට තේරීමකි.

 

තවද ඔබ Bee Natural Organic නිෂ්පාදනයක් මිලට ගන්නා සෑමවිටම ඔබ ඉහළම ප්‍රමිතියේ ගුණාත්මක අපේම දේශීය නිෂ්පාදනයක් මිලට ගන්නා බවද අප යලි යලිත් සිහිපත් කරන අතර අපගේ අනෙකුත් නිෂ්පාදන පිළිබද දැනගැනීම සදහා මෙම link එකෙන් පිවිසෙන්න.

USDA Organic සහ EU Organic පිළිබද දැනගැනීමට මෙම link එක හරහා  පිවිසෙන්න .

Next Post Previous Post
No Comment
Add Comment
comment url