කොකනට් බටර් භාවිතා කරන අයුරු

 

 

Bee Natural Organic Coconut butter 500g

Bee Natural Organic Coconut butter යනු 100%ක් ස්වභාවික ශාකසාර මේද තැවරුම් නිෂ්පාදනයක් වන අතර ශ්‍රී ලංකාවේ අපේම ගොවීන්ගේ සහ වගාකරුවන්ගේ පොල් අස්වැන්න මිලට ගෙන  USDA Organic සහ EU Organic යන ජාත්‍යන්තර ඇමරිකානු සහ යුරෝපීය කාබනික ප්‍රමිතිකරණයන්ට අනුකූලව අපනයන ප්‍රමිතියෙන්  නිෂ්පාදනය කරනු ලබයි.

200g සහ 500g යන ප්‍රමාණවලින් ඔබට අපගේ කොකනට් බටර් ලබාගත හැකි අතර භාවිත කරන ආකාරය මෙසේය.මෙහි ස්වාභාවිකවම ද්‍රව සහ ඝණ ලෙස පෙනෙන තට්ටු දෙකක් ඔබට නිරීක්ෂණය කල හැකි අතර එය භාවිතයට ගැනීමට පෙර මෙම තට්ටු දෙකම හොදින් කලවම් කර උකු cream (ක්‍රීම්) වැනි ස්වභාවයකට පත් කරගත යුතුය. (තෛලොදකාරක සහ වෙනත් රසායනිකයන් නොමැති නිසා ස්වාභාවිකවම තට්ටු දෙකකට මෙම නිෂ්පාදනය වෙන් වේ).

ඒ සදහා කල හැකි ක්‍රම දෙකක් වන අතර පලමුවැන්න නම් රත්වූ ජලය බදුනක බෝතලය බහා තබා ඝනකම් තට්ටුව දිය කරගැනීමයි.එය කරන අයුරු මෙසේය. බෝතලයේ  මුඩිය කරකවා ඉවත් කල පසු බෝතලය සෙල්සියස් අංශක 80 ක පමණ උණු ජලය භාජනයක දිය වන තෙක් තබන්න.වඩාත් ඉක්මන් වීමට නම් මදක් සවිමත් හැන්දක් වැනි යමක් භාවිතයෙන් හැදි ගෑම සුදුසුය.  දෙවැන්න නම් මුඩිය ඉවත් කර විනාඩි 15ක් පමණ කෙලින්ම හැන්දක් භාවිතයෙන් හැදි ගෑමයි.

එලෙස සිදු කර දිය කරගත් පසු ඔබට මෙය භාවිතයට ගත හැකිය. ඔබට මෙය සලාද වලට , පාන් මත තැවරුමක් ලෙස (එයට ලුණු සහ ගම්මිරිස් ස්වල්පයක් ඉසීම මගින් වැඩි රසයක් ලබාගත හැක), පෑන්කේක් සහ වෙනත් බේක් කරන ලද ආහාර මතට දැමීමට සහ තවත් ක්‍රම රාශියකට භාවිත කල හැක.

අපගේ බී නැචුරල් ඕගනික් කොකනට් බටර් (Bee Natural Organic coconut butter) සදහා කිසිදු කල්තබාගැනීමේ ද්‍රව්‍යයක් කාබනික නිෂ්පාදනයක් වීම නිසා එකතු කර නොමැති අතර විවෘතකිරිමෙන් පසු මාස තුනක් තුල භාවිත කල යුතුය. 


Call to buy. : 077 8460707 /077 0820707
 
Visit to buy through Daraz

Next Post Previous Post
No Comment
Add Comment
comment url