මොනාද මේ සුදු ගම්මිරිස් ?

 

 

 


 

 

 

 

 මොනාද මේ සුදු ගම්මිරිස් ?


සුදු ගම්මිරිස් යනු ලෝක වෙළදපලේ විශේෂ ඉල්ලුමක් සහ ඉහල මිලක් ඇති කුළුබඩුවක් වන අතර එනමුත් ශ්‍රී ලාංකිකයන් එතරම් නොදන්නා යමක් ලෙස හදුන්වා දිය හැකි අතර එම නිසාම මෙම ලිපිය අද දින ඔබ වෙනුවෙන් ලියවේ.සුදු ගම්මිරිස් සහ කළු ගම්මිරිස් අතර වෙනස ආරම්භ වන්නේ ගම්මිරිස් නෙලීමේ සිටය. සාමාන්‍ය අප එදිනෙදා මිලට ගන්න සහ සුලබව දකින ගම්මිරිස් නැති නම්  කළු ගම්මිරිස් ලබාගන්නේ ගම්මිරිස් ශාකයේ පැසුණු ගම්මිරිස් ඵලයන්  වලින් වන අතර සුදු ගම්මිරිස් සදහා ලබාගන්නේ එකම ගම්මිරිස් ශාක ප්‍රභේදයේම  හොදින් රතු පැහැයට ඉදුණු ගම්මිරිස් ඵලයන්  වේ. එනම් සාමාන්‍යයෙන් වැඩි අවධානයක්  සහ නඩත්තුවක් සුදු ගම්මිරිස් ලබාගන්නේ නම් ගොවියා විසින් සිදු කල යුතු බවයි.

 

නිෂ්පාදන ක්‍රියාවලියේ වෙනස 

රතු පැහැයට හොදින් ඉදුණු ගම්මිරිස් ඵලයන් නෙලා ගත් පසු දින දහයක් පමණ ජලයේ ගිල්වා තබන අතර එය ක්ෂුද්‍ර ජීව ක්‍රියාකාරිත්වයක් ඇතිවීමට සහ එහි ප්‍රතිඵලයක් ලෙසින් ලෙහෙසියෙන්ම ඵලයන්ගේ පොත්ත නැති නම් ඵලාවරණයන් ඉවත්වීමට හේතු වේ.  මෙම පොත්ත ඉවත් වීම ගම්මිරිස් හි ආවේණික රසයට හේතු වන  piperine (පිපෙරින්) සහ අනෙකුත් වාෂ්පශීලි සංඝටක යම් පමණක් ඉවත්වීමට හේතු වන මුත් එම ඉවත්වීම මගින් සෞම්‍ය සහ වෙනස්ම රසයක් මෙම සුදු ගම්මිරිස් වලට ලැබීම සිදුවේ. මෙම වෙනස්ම රසය ඉවුම් පිහුම් කලාව තුල සුවිශේෂී තැනක් හිමි කරගන්නා බැවින් ඉහල මිලකට මෙම සුදු ගම්මිරිස් අලෙවි වේ.

 Bee Natural Organic සුදු ගම්මිරිස් පවුඩර් 

කුළුබඩු සදහා අතීතයේ පටන් ජාත්‍යන්තර කිර්තිය ලත්  අපේම රටේ අපේම පොළවේ නිෂ්පාදනයක් ලෙස  Bee Natural Organic සුදු ගම්මිරිස් පවුඩර්  අපනයන ප්‍රමිතියෙන් ඔබ වෙත එන අතර USDA Organic සහ EU Organic යන ජාත්‍යන්තර කාබනික ප්‍රමිති සහතික සමග  කාබනික ප්‍රමිතිය 100%ක්ම සනාථ කර ඇත.


Visit us...

Facebook: https://www.facebook.com/BeeNaturalLanka

Instagram: https://www.instagram.com/__bee_natural__/

Linkedin: https://www.linkedin.com/company/beenaturalorganicsl/

Daraz:  https://www.daraz.lk/shop/bee-natural/

 

 

 

Next Post Previous Post
No Comment
Add Comment
comment url